අමෙරිකාවේ කොවිඩ් මර්දනයට දස වැදෑරුම් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව විනාශයට පත් කළ කොවිඩ් වෛරසයට එරෙහිව එය මර්දනය කිරීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දස වැදෑරුම් වැඩපිලියෙලක් ඉදිරිපත් කර ඇත.

එන්නත්කරණය වේගවත් කිරීම, පරික්ෂණ වැඩිකිරීම, මුඛ ආවරණ නිෂ්පාදනය වේගවත් කිරීම ඒ අතර වේ. වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිම සදහා තවත් මාස ගණනක් ගතවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රියාමාර්ග 10 ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වසංගතය පරාජය කිරීමට මාස කිහිපයක් ගතවනු ඇති නමුත් සියලු දෙනා එක්ව කටයුතු කිරීම තුළින් ජයග්‍රහණය ළගා කර ගත හැකි බවයි.

ජෝ බයිඩ්න් 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් දිනකට පසුව මෙම පියවර ගෙන ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, කොවිඩ් වෛරසයෙන් සිදු වූ සමස්ත මරණ සම්බන්ධයෙන් ගත් කල, ජීවිත 406,000 කට වඩා අහිමි වූ දරුණුතම රට වන්නේ අමෙරිකාවයි. එරට මිලියන 24.5 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =