වලපනේ ප්‍රදේශයට සුළු භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) –වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරන ලද්දේ අද (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බවය.

එම කම්පන තත්ත්වය රිච්ටර් ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත වේ.

භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *