සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් වංචාවක් ගැන මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව මහ බැංකුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *