පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මොහු වෘත්තියෙන් උපකාරක පන්ති ගුරුවරයකු ලෙස මීට පෙර කටයුතු කළ අතර මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මේ වනවිට කොරෝනා ආසාදනයවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *