තවත් 709ක් සුව ලබයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 709 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 51,046 ක් දක්වා ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − four =