රන්ජන් අගුණකොළපැලැස්සට

(කොළඹ, ලංකාපුවත්) –බරපතල වැඩ සහිතව අවුරුදු හතරක සිර දඩුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත අද (26) රැගෙන ගියේය.

2017 වසරේ අගෝස්තු 21 වනදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බව ප්‍රකාශ කර තිබුණි.

එමගින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වී තිබුණ චෝදනාවලට ඔහු වැරදිකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒ අනුව මෙම සිරදඩුවම නියම කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *