(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නව කළමණාකරුවෙක් පත්කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කරන ලද්දේ ජෙරොම් ජයරත්න මහතාව තාවකාලිකව එම තනතුර සඳහා පත්කළ බවය.
එංගලන්ත ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව තමා “කළමණාකරු තනතුරෙන්” ඉවත්වන බව අසන්ත ද මෙල් පසුගියදා දැනුම් දුනි.