සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලය

(කොළඹ, ලංකාපුවත්) –සමගි ජන බලවේගයේ පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව ඊයේ(25) පැවැත්වුණු අතර නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම ද එහිදී සිදු කෙරුණි.

මේ අනුව පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද / මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද / සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද පත්ව ඇත.

ජාතික සංවිධායක ලෙස පත්කර ඇත්තේ තිස්ස අත්තනායක මහතාද / ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල / කබීර් හෂීම් / ඉමිතියාස් බාකීර් මාකර් / රාජිත සේනාරත්න / කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුනුයි.

මීට අමතරව තළතා අතුකෝරළ / ගයන්ත කරුණාතිලක / දිලිප් වෙදආරච්චි / ඒ එච් එම් හලීම් / චන්ද්‍රාණි බණ්ඩාර / පී හැරිසන් / හරීන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන් උප සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ධුරයටත් / අජිත් පී පෙරේරා මහතා ප්‍රධාන විධායක ලෙසටත් පත්වීම් ලැබීය.

ඊට අමතරව නියෝජ්‍ය ලේකම්වරුන් 04 ක් / නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් 03 ක් සහ නීති ලේකම්වරුන් දෙදෙනෙකුද සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලයට ඇතුළත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *