රුපියල් දහසේ වතු සේවක වැටුපේ වෙනසක් නැහැ – රජය දැඩි ස්ථාවරයක

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති අරමුදල පිළිබද 2018 මූල්‍ය වර්ෂය සදහා වූ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. මේ අතර පවතින වතු නිවාස යෝජනා ක්‍රමය සංශෝධනයටත් වැවිලි සේවක වැටුප ඉහළ නැංවීමටත් අදාළ යෝජනා කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබේ.

අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ පළමු ජනන ගබඩා කරන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට අදාල ශක්‍යතා අධ්‍යයනයටත් කැබිනට් අනුමැතිය හිමිවිය.

එසේම ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී යම් අයෙකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීමට රජයක් ලෙස බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ කොමිසමක් පත්කළේ එම අභිලාෂයෙන් බව අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *