ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්‍ෂාවට

(කොළඹ, ලංකාපුවත්) – ලබන බ්‍රහස්පතින්දා (28) සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ස්ථාන 11කදී එම පරික්ෂණ ක්‍රියාත්මක කරනු ඇත.

මේ අතර බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *