රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්‍දුටත් කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පොල්, කිතුල්, තල්, වැවිලි සංවර්ධන හා ඒ ආශ්‍රිත නිශ්පාදන, කර්මාන්ත හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්‍දු මහතා කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ බවට අද (27)වාර්තා වී ඇත.

රාජ්‍ය අමාත්‍යරයා, පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා 2021-01-19 සහ 20 යන දිනවල හෝ ඉන් අනතුරුව හෝ පාර්ලිමේන්තුවට නොපැමිණ ඇති හෙයින් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී තිඛේ.

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඒ මහතා 2021-01-15 දින පීසීආර් පරීක්‍ෂණ සඳහා ඉදිරිපත්ව ආසාධිත නොවන බවට තහවුරු වූ බව ද, වේත්‍රධාරි න‍රේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *