කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද සිට ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා මර්දන සඳහා ඉන්දීයාවෙන් ශ්‍රී ලංකාවට ලැබූ එන්නත් ලක්ෂ පහක ප්‍රමාණය එන්නත්කරණය අද(29) සිට ආරම්භ කෙරේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් 6 කදී අද එම කටයුතු ආරම්භ වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ සහ දකුණ කොළඹ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව රෝහල , හෝමාගම යන රෝහල් සහ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනවලදී එන්නත්කරණ කටයුතු සිදු කීරිමට නියමිතය.

මෙම එන්නත්කරණ කටයුතු අද උදෑසන 9 පමණ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =