ඩීමෝ ගෙවතු වගාවට නව මුහුණුවරක් ලබා දෙමින් “footprints” ස්වයං වගා කට්ටල හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ, ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව footprintsස්වයං ගෙවතු වගා කට්ටල (footprints Do-It-Yourself home gardening kits) හඳුන්වා දීම සිදු කෙරිණි.

මෙම නව සංකල්පය හඳුන්වා දීම පසුගියදා නවතම මුහුණුවරකින් පැවැත්වුණු අතර, ඒ සඳහා ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රමුඛ ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රසිද්ධසමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනුකු සහභාගී වී සිටියේය.

ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක ඉහළ පාරිභෝගික විශ්වාසය දිනාගත් ඩීමෝ ඔවුන්ගේ අසම සම භාණ්ඩ හා සේවා විශේෂඥතාවය හේතුවෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සමාගමකි. දේශීය කෘෂි කර්මාන්තයේ වර්ධනය උදෙසා විවිධ කාර්යයන් සහ නවෝත්පාදනයන් සිදු කරමින්, ක්ෂේත්‍ර වර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ඩීමෝ, ඉදිරි පරම්පරාවන්ට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල කාර්ය භාරයක් ඉටු කරයි.

වගාව තුළින් නිවසක එකි නෙකා අතර ඇති සම්බන්ධතාවයන් සහ බැඳීම් වර්ධනය කරමින්, ප්‍රීතිමත් මතකයන් ජීවිතයට එක් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, මෙම නවතම footprintsවගා කට්ටල ඩීමෝ විසින් හඳුන්වා දී තිබේ. මෙම නවතම වගා කට්ටලයන් තුල පැලයක් වගා කිරීම සඳහා මූලික අදියරේ සිට (බීජ අවස්ථාවේ) අවසාන අදියර දක්වා (ඵලදාව නෙළන අවස්ථාව සඳහා) අවශ්‍ය කරන සම්පත් සියල්ලම අන්තර්ගත වේ. ගෙවතු වගාවට ප්‍රවේශ වීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයකුට ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් වගාවට යොමු වීමේ අවස්ථාව footprintsහරහා දැන් හිමි වේ.
මෙම අවස්ථාවෙදී රැස්ව සිටි පිරිස අමතමින්, ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. ” වෙන කවරදාකටත් වඩා, පවුලේ සාමාජිකයින් අතර වූ බැඳීම වර්ධනය කර ගැනීම මෙන්ම සොබාදහම සමඟ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමේ විශේෂ අවශ්‍යතාවයක් වර්තමානයේ පවතිනවා. ඩීමෝ හි අප විශ්වාස කරනුයේ ස්වභාව සෞන්දර්ය හා බැඳුනු සමීප අත්දැකීම් නිර්මාණය කිරීම තුළින් පවුල සමඟ අර්ථවත් සම්බන්ධතා ගොඩ නැගෙන බවයි. footprintsතුළින් සිදු කරන්නේද මෙම බැඳීම් ශක්තිමත් කිරීම කිවහොත් මා නිවැරදියි. ඉතිහාසයේ සිටම ශ්‍රී ලාංකිකයන් කෘෂිකර්මාන්තය සමඟ ඉතා ශක්තිමත් බැඳීමක් පවත්වාගෙන ඇති අතර, එය පරම්පරාවෙන් පරාවට දායාද වූ උරුමයක්. footprintsතුළින් ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ, නිවෙස් තුළ වගාවන් සිදු කිරීම ප්‍රවර්ධනය කිරීම හරහා, ඉදිරි පරම්පරවන්ටද මෙම යහපත් පුරුදු දායාද කිරීමයි

මෙහිදී අදහස් දක්වමින් ඩීමෝ හි අධ්‍යක්ෂ අසංග රණසිංහ මහතා මෙසේ පැවසීය. footprintsහරහා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට විනෝදයෙන් පිරුණු ගෙවතු වගා අත්දැකීමක් හිමි වනවා. පරිසරය සමඟ කාලය ගත කිරීමටත්, පැලයක් වර්ධනය වන්නා සේ, පවුලේ එකි නෙකා අතර සම්බන්ධතාවය වර්ධනය වීමට footprintsබෙහෙවින් උපකාරී වේ යැයි මා සිතනවා”.

footprintsගෙවතු වගා කට්ටල ප්‍රධාන වර්ග දෙකකින් පැමිණෙනවා. ඒ, “Nursery Care Kit” සහ “Complete Care Kit” වශයෙන්.

Nursery Care Kit යනු ඉතාමත් පහසුවෙන් ගෙවතු වගාව වෙත පිවිසිය හැකි බීජ ඇසුරුම්, කොහුබත් භාජන, කොහුබත් පෙති, ප්ලාන්ට් මාර්කර්ස් ඇතුළත් කොම්බෝ පැක් එකකි. Nursery Care Kit මඟින් පැළයක තවාන් අවදියේ වර්ධනය පහසු කරන අතර, එම අදියර අවසන් වූ පසු, එම පැළය වෙනත් බඳුනකට හෝ වැඩෙන ඉඩකට මාරු කළ හැකිය. Nursery Care Kit විවිධ පැළ ප්‍රභේද පහකින් සමන්විත වන අතර සෑම ප්‍රභේදයකම බෝග තුනක එකතුවක් ඇත. ඒවා නම් මිරිස්, තක්කාලි, වම්බටු, මාළු මිරිස්, පිපිඤ්ඤා, සලාද, බෙල් පෙපර්, වට්ටක්කා, කැකිරි, කරවිල, පතෝල සහ වැටකොළු වේ. පසුමිදුලක්, ගෙවත්තක් හෝ පැලෑටි භාජන සඳහා ප්‍රවේශය ඇති අය සඳහා Nursery Care Kit නිර්දේශ කෙරේ.

Complete Care Kit යනු සියල්ලටම පහසු ගෘහ ගෙවතු වගා කොම්බෝ පැක් එකකි. එය කොහුබත් භාජන, කොහුබත් පෙති, ප්ලාන්ට් මාර්කර්ස්, ග්‍රෝ බෑග්, පස් මිශ්‍රණ සහ නිර්දේශිත පොහොර වලින් සමන්විත වේ. මෙයද පැළයක බීජ අවස්ථාවේ සිට ඵල දරන කාලය දක්වා අවශ්‍ය සියලුම දෑ වලින් සමන්විත සම්පත් කට්ටලයක් වන අතර, තවාන් අදිරය අවසන් වූ පසු මෙහි ඇති ග්‍රො බෑග් වෙත පැළය පහසුවෙන්ම මාරු කළ හැකිය. Complete Care Kit ද ප්‍රබේධ හතරකින් යුක්තව පැමිණේ. ඒවා නම් තක්කාලි, මිරිස්, මළු මිරිස් සහ වම්බටු වේ. මෙය මහල් නිවාස හෝ සීමිත ඉඩ ප්‍රමාණයක වගා කටයුතු සිදු කරන පිරිස් සඳහා උචිත වේ.

footprintsගෙවතු වගා කට්ටල භාවිත කරන අන්දම පිළිබඳ ආකර්ෂණීය ලෙස සිදු කරන ලද වීඩියෝ ඩීමෝ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ කර ඇත. මෙම කට්ටල දැන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් වෙතින් සහ www.dimoretail.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමේ හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *