ඇට්ලස්,SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ හොඳම ආයතනික සමාජ සත්කාර අංශයේ ලෝකඩ සම්මානය දිනයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශාලතම හා ජනප්‍රිය ම අධ්‍යාපන හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සැපයුම්කරු වන ඇට්ලස් සමාගම පසුගියදා පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence),‘ඇට්ලස්සිප්සවි‘ වැඩසටහන වෙනුවෙන් ‘වසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය.

පසුගියමුල්‍යවර්ෂයතුළ පාසල් දරුවන් 11,200කට වැඩි ප්‍රමාණයකට සෘජුසමාන අධ්‍යාපන අවස්ථා බිහිකිරීමට දායක වූ මෙම ඇට්ලස් ‘සිප්සවි‘ වැඩසටහන, අතිශය වටිනා ආයතනික සමාජ සත්කාර වැඩසටහනක් බව දිවයිනේ ප්‍රමුඛත ම අලෙවිකරණ වෘත්තීකයින්ගෙන් සැදුම්ලත් සම්මාන උළෙලේ විනිශ්චය සභාවේ මතය විය. ආරම්භයේ පටන් ම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන සිසු දරුවන් දහස් ගණනකට සමානඅධ්‍යාපනප්‍රවේශලබාගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන හරහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇට්ලස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසුවේ, ඇට්ලස් සමාගමේ සෑම කටයුත්තකදී ම ළමුන්ගේඉගෙනීමේඅවශ්‍යතාකෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුවන බව ය. “එම නිසා අපගේ ආයතනික සමාජ සත්කාර කටයුත්තකදී පවා වැඩි ම අවධානයක් යොමුවන්නේ දරුවන්ගේ අධාපනයටසහයක්වීම වෙනුවෙනුයි. ඒ වගේ ම SLIM වෙතින් ‘වසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය‘ වැනි සම්මානයක් හිමිවීම තුළින් අපගේ සන්නාමයේ විශිෂ්ටත්වය වගේම රටත්, රටේ දරු පරපුර වෙනුවෙනුත් ඇට්ලස් සන්නාමය හරහා ලැබෙන දායකත්වය පිළිබඳ වැදගත් පණිවුඩයක් කියැවෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ ආයතනය වන SLIM වෙතින් මෙවැනි සම්මානයක් හිමිවීම විශාල ගෞරවයක්“, සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය හැරදමා යාමේ අවදානමට පත්ව සිටින පාසල් සිසුන්ට අධ්‍යාපනයට ඇති පහසුකම් ලබාදෙමින් වඩා යහපත් ඉගෙනුම් පරිසරයක් බිහිකිරීමේ අරමුණින් ඇට්ලස් සිප්සවි වැඩසටහන ආරම්භ විය. ඒ යටතේ ආර්ථික පීඩාවන්ගෙන් යුතු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් පොත්පත් හා ලිපිද්‍රව්‍ය ආදිය මෙන්ම, පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි අංශ ගණනාවක් ඔස්සේ සේවා සැලසීමට එම වැඩසටහන සමත්ව තිබේ.

”2020 වැනි අතිශය අභියෝගාත්මක වසරකදී පවා ඇට්ලස් සිප්සවි වැඩසටහන යටතේ විවිධ පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවුණා. ඒ හරහා සමස්තයක් ලෙස අපේ රටත්, අනාගත පරම්පරාවත් නඟාසිටුවීමට විශාල දායකත්වයක් සැපයීමට අපට හැකිවුණා. විශේෂයෙන් ම අවශ්‍යතාවන් දැඩිව පවතින දරුවන් වෙත එම උපකාර ලබාදීම සඳහා අපට සහාය වුණු සියලු පාර්ශ්ව වෙත කෘතවේදීත්වය පළකිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා“, යනුවෙන් ඇට්ලස් සමාගමේ අලෙවිකරණ අංශ ප්‍රධානී කෞෂලී කුසුමපාල මෙනවියපැවසුවාය.

SLIM සන්නාම විශිෂ්ටතා සන්නාම උළෙල, ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ගේ කැපීපෙනෙන කාර්යභාරය ඇගයීමට ලක්කරන එකම ජාතික මට්ටමේ වැඩසටහන වේ. එබැවින් නිෂ්පාදන හා සේවා සන්නාම විශිෂ්ටත්වය කරා ඔසවා තැබීමට අලෙවිකරුවන්ගේ අභිප්‍රේරණය, කැපවීම සහ දැඩි මහන්සිය වෙනුවෙන් ලැබෙන ඉහළ ම පිළිගැනීමක් ලෙස එය සැළකේ.

සිලෝන් පෙන්සිල් කම්පැනි පුද්ගලික සමාගම ලෙස මුල්කාලීනව හැඳින්වූ ඇට්ලස් ඇක්සිලියා සමාගම, 1959 වසරේ ආරම්භ වූ අතර, එතැන් පටන් පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයේ මෙරට වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස වර්ධනය විය. විනෝදාත්මක ඉගෙනුම් රටාවක් බිහිකිරීම වෙනුවෙන් කැප වී සිටින ඇට්ලස් සන්නාමය හා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර පවතින දැඩි සබඳතාවය ද, 2020 ජනතා සම්මාන උළෙලේදී (People’s Choice Awards) ඇට්ලස්, අංක එකේ පාසල් උපකරණ සන්නාමය ලෙස අභිෂේක ගැන්වීමෙන් මනාව පිළිබිඹු වේ. ඊට අමතරව ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් 2018 ජාතික තත්ත්ව සම්මානය හා 2019 ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද ඇට්ලස් ඇක්සිලියා සමාගම සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *