‘කිඹුලාඇලේ ගුණා‘ චෙන්නායිවලදී පොලිස් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නමැත්තා චෙන්නායි ගුවන් තොටුපලේදී තමිල්නාඩු Q ශාඛා පොලිසිය විසින් ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.

කිඹුලාඇලේ ගුණා නමැත්තාගේ පාපොච්චාරණය මත ඔහුගේ පුතා හා අතිදක්‍ෂ වෙඩිකරුවෙකු ලෙස සැලකෙන ‘බුම්මා‘ නමැත්තා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්වේ.

45 හැවිරිදි ‘කිඹුලාඇලේ ගුණා‘ නවදිල්ලියට යාමට සූදානම් වෙමින් සිටියදී Q ශාඛා අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන ද නිකුත් කර තිබුණි.

1999 වසරේදී කොටි ත්‍රස්තයන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර ගනිමින් කොළඹ නගර සභා පිටියේ පුපුරුවා හැරි මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කිඹුලාඇලේ ගුණා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි. එම පරීක්‍ෂණ සඳහා ඔහු සොයමින් සිටින අතරතුර මෙම අපරාධකරු ඉන්දියාවට පලාගොස් තිබුනු බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *