ස්වදේශී කොහොඹ සත්වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක්ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි.

ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස”ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”සත්වන වරටත් දුරුතුපුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල රජමහා විහාරය, 13 වන සියවසේ දඹදෙණි රාජධානිය තුළ විජයබාහු රජ සමයේ ඉදි කර ඇත. පද්මාවතී පිරිවෙන ස්ථාපිත කර ඇත්තේ ද කෑරගල රජමහා විහාරයේ ය. ඒ 15 වන සියවසේ හයවන පරාක්‍රමබාහු පාලන සමයේ දී ය.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනී, අමරි විජයවර්ධන මහත්මිය මෙම ආලෝක පූජා වැඩසටහන වෙනුවෙන් සිය අදහස් පළ කළේ මෙසේ ය. ” මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම මගින් ස්වදේශී, ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තබනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් අපි අපගේ පූර්ණ අනුග්‍රහය මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ලබා දෙමින් මතුපරම්පරාවන්ට අපගේ සංස්කෘතිය රැකගැනීමට පූර්ණ ආදර්ශයන් සපයනවා.”

රටේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම යොවුන් පරපුරට ඉගැන්වීමේ අභිප්‍රායයෙන් ස්වදේශී කොහොඹ මෙරට ආගමික සිද්ධස්ථාන මෙසේ ආලෝකවත් කරන බවට ඇය තවදුරත් සිය අදහස් දක්වමින් පවසා සිටියාය.

ආලෝක පූජාවට සමගාමීව ස්වදේශී විසින් කෑරගල රජමහා විහාරයේ පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීම සිදුකරන ලදි.

එසේම වයින පුරා පිහිටි විහාරස්ථානවලට සහයෝගය දැක්වීම සියවගකීමක් ලෙසින්ගෙන අවශ්‍ය පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *