ගෙවීගිය අවුරුදු දෙක තුළදී නඩු කටයුතු 26,749ක් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – නීතිපති දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසර දෙක තුළ අපරාධ නඩු 26,749කට අදාළ කටයුතු අවසන් කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

2019 වසරේ ජනවාරි 01 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලයට සම්බන්ධ නඩු කටයුතු මෙලෙස අවසන් කර තිබේ.

එමෙන්ම නඩු කටයුතු 14,083ක් අධි චෝදනා භාර දීම සඳහා මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *