නිරෝධායන නීති කඩමින් පෙම්වතුන්ගේ දිනය සැමරුවොත් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාල ඒක එරාශී වීම් ඇතුළු නිරෝධායන නීති කඩකරමින් පෙම්වතුන්ගේ දිනය සැමැරීමට ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරන පරිදි ලබන 14වන දිනට යෙදී ඇති මෙම දිනය සැමරීමට විවිධ නීතිවිරෝධී සාද, ප්‍රියසම්භාෂණ, සමාජ ජාල හරහා සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කිසිම ආකාරයක සාද, ප්‍රියසම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *