මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොරෝනා ආසාදිත මරණ 09ක් ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 95 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්, කයිට්ස් පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *