කිරි ගොවින්ගේ සහන ණය මුදල ලක්ෂ 10ක් කරයි

(කොළඹ, ලංකාපුවත්) –කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්නැයි මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) උපදෙස් දුන්නේය.

අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට සියයට 4 පොලියට රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

අය-වැය යෝජනා අනුව දැන ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේදී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැහැදිලි කළේය.

ඒ අනුව රජයේ සේවකයන්ට දෙනු ලබන නිවාස ණය ලබාගත් හා ලබාගන්නා ණය මුදල සියයට 7 පොලී අනුපාතය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම සහනය මත රජයේ සේවකයකුගේ මාසික වැටුප් වැඩිවීම රු.2500-3000ක් අතර වන බව එස්.ආර්.ආටිගල මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *