“වසරේ විශිෂ්ටතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ දායකත්ව “සම්මානය – මහාචාර්යය ලලිත් ගමගේට

(කොළඹ, ලංකාපුවත්) –තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති සහ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනයේ (SLIIT) නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ විසින් “වසරේ විශිෂ්ටතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ දායකයා” සම්මානය ලබා ගන්නා ලදී NBQSA – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනැමිණි.

තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය වන BCS හි ශ්‍රී ලංකා අංශය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පෙබරවාරි 3 වන දින BMICH හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ මහාචාර්ය ගමගේ ගේ කැපී පෙනෙන දායකත්වය සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීම සඳහා ඔහු කළ මෙහෙය හා කැපකිරීම මෙම මෙම සම්මානයෙන් අගය කෙරින . ඔහු පසුගිය කාලය තුල දැරූ සමහර තනතුරු අතර USAID අනුග්‍රහය දක්වන තරඟකාරීත්ව මුල පිරීමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමුහයේ සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලයේ විධායක අධ්‍යක්ෂ සහ ව්‍යවසාය සංවර්ධන, කාර්මික ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනඅමාත්‍යාංශය විසින්. පිහිටුවන ලද තොරතුරු තාක්ෂණ කාර්ය සාධක බලකායේ සභාපති යන සේවාවන් කැපිපෙනෙයි .

තොරතුරු තාක්‍ෂණය ඕනෑම ජාතියක අනාගතය බව මම විශ්වාස කරමි. මෙම කර්මාන්තය තුළ අප ලබා ඇති දියුණුව දැකීම ධෛර්යමත් වන අතර එය ඉදිරියට ගෙන යාමේ දී ද්විත්ව කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම සතුටට කරුණකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති වශයෙන් මට රජයේ ඩිජිටල් පාලන වැඩපිළිවෙළේ පෙරමුණ ගැනීමට හැකි වන අතර එය සාර්ථක කර ගැනීම සදහා පළපුරුදු කණ්ඩායමක් සමඟ කටයුතු කරමි.
“අනෙක් අතට, SLIIT හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන්, තරුණ මනස හැඩගස්වා ගැනීමටත්, ඔවුන් ඩිජිටල්කරණය කළ ලෝකයක ජීවත් වීමටත් අනාගතයට සුදානම් වීමටත් මම කාර්යභාරයක් ඉටු කරමි. ඉටු කිරීමට තවත් බොහෝ දේ ඇති අතර,මෙම සම්මානය එම කටුයතු තවදුරටත් කරගෙන යායුතු බව මතක් කිරීමකි.

”මහාචාර්ය ගමගේ උත්සවය අමතමින් ප්‍රකාශ කරනලදීමහාචාර්යා ලලිත් ගමගේ මෙරට ඩිජිටල් සන්වර්තන ක්‍රියාවලියේ ප්‍රමුඛයකු වන අතර රටේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය හා පර්යේෂණ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. දේශීය ආරම්භක ව්‍යාපාර සඳහා ආධාර කිරීම සඳහා පිහිටුවන ලද පළමු ශ්‍රී ලංකා තාක්‍ෂණ ඉන්කියුබේටර් හි මුලසුන හෙබවන ලද්දේ ද ඔහු විසිනි.

මහාචාර්ය ගමගේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා ඇති අතර එහිදී ඔහු කථිකාචාර්යවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහු ඩීමොන්ට්ෆෝර්ට් විශ්ව විද්‍යාලයෙන් (The De Montfort University), තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර එක්සත් රාජධානියේ ලීස්ටර්( Leicester,U.K ), කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂ ආචාර්යය උපාධියක් ලබා ඇති අතර ඔහු පශ්චාත් ආචාර්ය උපාධිධාරියෙකු ලෙස ද එහි සේවය කළේය.

බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙක් සහ ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ අතිරේක මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ගමගේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. SLIIT ඔහුගේ නායකත්වය යටතේ ශක්තිමත්ව ඉදිරියට ගොස් ඇති අතර අද ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාල කිහිපයකට අනුබද්ධිත ලාභ නොලබන විශාලතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පිළිගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *