AIA ඉන්ෂුවරන්ස් 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) –AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍රවීම මහත් අභිමානයෙන් සමරයි. එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව තෙවන වසරටත් AIA ඇගයීමට ලක්වී ඇත.

2020 වසර සඳහා සිදුකරන ලද Great Place to Work® Trust Index© සමීක්ෂණය සහ Culture Audit© ප්‍රශ්නාවලිය සඳහා මෙරට සමාගම් අතරින් ඉහළ ලකුණු ලබාගනිමින් AIA ඉන්ෂුවරන්ස්, මෙම ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කියන්නට සමත් විය.

AIA ඉන්ෂුවරන්ස් හී මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් “මෙම සම්මානයට නොකඩවා හිමිකම් කීමට හැකිවීම අප සමාගම, අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇති කැපවීම මැනවින් පිළිබිඹු වෙනවා. ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ අපගේ සන්නාම ප්‍රතිඥාව හා බැදෙමින් අපගේ සේවක මණ්ඩලයේ සෞඛ්‍ය, සතුට සහ සුභසිද්ධිය ප්‍රමුඛත්වයේලා ක්‍රියා කිරීමට අප සැමවිටම උත්සාහ ගන්නවා. රැකියාව කිරීම සඳහා විශේෂකොට සැලකෙන, විශිෂ්ට සේවායෝජක සමාගමක් බවට AIA තේරී පත්වීමට හේතුව මෙයයි”

ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “කාන්තාවන්හට රැකියාව කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ඉතාමත් විශේෂයි. අප සමාගමක් ලෙස සේවක මණ්ඩලයෙහි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ තුලනාත්මක බව රැකගැනීම සඳහා ගන්නා ප්‍රයත්නය සඳහා මෙය ඉතා වටිනා ඇගයීමක් වශයෙන් මා සලකනවා. AIA ඉන්ෂුවරන්ස්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනාට සමාන අවස්ථා ලබාදෙන සමාගමක්. මෙමගින් අපට සියළු සේවක මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් සාධාරණ මෙන්ම වඩාත් පලදායික සේවා ස්ථානයක් ඇතිකර දීමට හැකි වී තිබෙනවා. අප දන්නවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව දක්ෂ මෙන්ම තුලනාත්මක ශ්‍රම බලකායක් ඇතිව සමාගමක් පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් බව. මෙහිදී අපගේ කාර්ය මණ්ඩල සාමාජිකාවන්ගේ දායකත්වය අපගේ සමාගමේ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා විශාල වශයෙන් රුකුලක් වී තිබෙනවා. විවිධ ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති ඔස්සේ කාන්තාවන් හට සේවය කිරීමට පහසු පරිසරයක් ඇති කිරීමට අප ගන්නා ප්‍රයත්නයන් ඇගයීමට ලක්වෙනවා දැකීම මහත් සතුටට කරුණක්”.

2020 වසර තුළ වසංගතය හේතුවෙන් සේවක මණ්ඩලයට එකට බැඳී වැඩකටයුතු කිරීම අභියෝගාත්මක වුණා. එහෙත් AIA කාර්ය මණ්ඩලය, සමාගමේ සහාය ඇතිව නිවසේ සිට වැඩ කිරීමේ කාර්යයට ඉතා සාර්ථකව ප්‍රවේශ වුණා. MS Teams වැනි ඩිජිටල් මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ Facebook live උපයෝගී කරගනිමින් නිවසේ සිට වැඩ කිරීමේ දී අවශ්‍ය සමතුලිත බව රැක ගනිමින් සේවක මණ්ඩලයේ මානසික සෞඛ්‍ය හොදින් පවත්වා ගැනීමට අවශ්‍ය සුවතා සැසි පැවැත්වීමට අප කටයුතු කළා. එමෙන්ම AIA ප්‍රථම වතාවට සමාගමේ වාර්ෂික සමුළුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරමින් සේවක මණ්ඩලයේ කැපවීම් සහ සමාගම වෙත ඔවුන්ගේ මෙහෙවර ඇගයීමට ලක්කළා. එපමණක් නොව සිංහල සහ දමිළ අළුත් අවුරුදු උත්සවයක් පවා ඩිගිටල් තාක්ෂණය ඔස්සේ, අවුරුදු කුමරා, කුමරී තේරීම, කුඩා දරුවන්ට විකට ඇදුම් තරඟ සහ අනෙකුත් සියළු අංග වලින් සපිරිව MS Teams ඔස්සේ සේවක මඩුල්ල මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු කළා. ඒ ආකාරයෙන් වසංගතයෙන් කොපමණ බාදක සහ අභියෝග පැමිණියද කාර්ය මණ්ඩල සාමාජිකයින් එකතු කරගනිමින් විවිධ ක්‍රියාකාරීත්වයන් ඔස්සේ ඔවුන්ව සතුටින් තබා ගැනීමට අප මහත් කැපවීමෙන් කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *