අමෙරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වයිරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ගොස් ඇතැයි NBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28,734,397ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ගතවූ පැය 24 ට පමණක් එරටින් ආසාදිතයින් 57,198 දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,245 කි.

එසේම එරට සිදුව ඇති මුළු මරණ ගණන 500,704ක් වේ.

කෙසේ වුවද මේ වන විට අමෙරිකාව තුළ වයිරසයට එරෙහි එන්නත් ලබාදීම වේගවත් කර තිබේ.

කැලිෆෝනියා ප්‍රාන්ත වැසියන් වයිරසයට එරෙහි එන්නත ලබා ගැනීමට දිගු පොලිම්වල රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ලද දත්ත වලට අනුව, කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 2,462,000 කට වඩා මිය ගොස් ඇත. ලොව පුරා සිදුවන මරණ වලින් පහෙන් එකකට වඩා සිදුව ඇත්තේ අමෙරිකාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *