සාපෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග කාර්යමණ්ඩල පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කරඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 01වන දින සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කරඇති බවයි.

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වනපරිදි විශේෂ විභාග මධ්‍යස්ථාන 02 ක් පිහිටුවීමට ද සැලසුම් කරඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශපත්‍රවල පවතින ගැටලු විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළින් සංශෝධනය කරගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *