දසුන් ශානකට, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යෑමට නොහැකි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටව නොගිය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

අමෙරිකානු වීසා සහිතව තිබු විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවිම හේතුවෙන් දසුන් ශානක මෙම තත්ත්වයට මුහුණ පා තිබෙන බව වාර්තා වේ.

මේ වන විට දසුන් ශානක ගේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට සහ අවශ්‍ය වීසා පහසුකම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී සිදුකරනු ලබන බව ක්‍රිකට් ආයතනය පවසයි.

මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේද දසුන් ශානක විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *