අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණ කටයුතු හෙට (26) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් අද (25) දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන්ය.

තවත් ඉතිරිව ඇත්තේ එන්නත් 116,907 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *