හෙරොයින් කිලෝ 45ක් හොරණදී වටලයි

(කොළඹ, ලංකාපුවත්) –හොරණ ප්‍රදේශයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කර තිබුනි.

වෑන් රියදුරු හමුදා ඇඳුමකින් සැරසී සිට ඇති අතර එහි සිටි අනෙක් තැනැත්තා හමුදාවෙන් පළාගිය අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

රියදුරු හමුදා සෙබළෙකු ලෙස හඳුනාගෙන ඇති අතර හමුදා නීතිය යටතේ ඔහුට එරෙහිව පියවර ගන්නා බවයි යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

මොවුන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පැමිණ ඇති බවට තොරතුරු හෙළිව ඇත.

මෑතකාලීනව සිදුකල 04 වන විශාලතම හෙරොයින් වැටලීම මෙය ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 5 =