පළමු පාසල් වාරයේ 1 වැනි අදියර අද අවසන්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වසරේ පළමු වන පාසල් වාරයේ පළමු අදියර ‍අද(25) අවසන් වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ-2020 විභාගය මාර්තු 01 වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා පැවැත්වෙන බැවින් මෙසේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද දිනෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 2021 පළමුවන පාසල් වාරයේ දෙවැනි අදියර මාර්තු මස 15 වැනි සඳුදා ආරම්භ කෙරේ.

විභාගයට මෙවර පෙනී සිටින සියලු අපේක්ෂකයන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව අනිවාර්ය කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

විභාග අපේක්ෂකයන්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු වන අයුරින් විභාග පැවැත්වීමට අදාළව සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බැවින් අනියත බියක් ඇති නොකරගෙන විභාගයට සහභාගි වන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *