ලෝක සෞඛ්‍ය සංවිධානය දුප්පත් රටවලට නොමිලේ එන්නත් ලබාදීම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් සහන වැඩපිළිවෙල යටතේ දුප්පත් රටවලට නොමිලේම කොරෝනා එන්නත නිකුත් කරන වැඩපිළිවෙල ඊයේ (24) ආරම්භ කළේය. ඒ වැඩපිළිවෙළ ආරම්භ කළේ අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයට පළමු එන්නත් තොගය ලබා දීමෙනුයි.

කොරෝනා එන්නත් සාධාරණ ආකාරයෙන් සියලු රටවල් අතර බෙදී යාම ඉලක්ක කර ගනිමිනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් වැඩපිළිවෙල ක්‍රියාවට නංවයි. මේ වසර අවසන් වීමට පෙර එන්නත් බිලියන දෙකක් රටවල් අතර බෙදා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ හයක් ඝානා රාජ්‍ය වෙත ලබාදීම ඊයේ සිදු විය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය පවසන්නේ මෙය මෑත ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් බවයි. ඝානා රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් අසූදහස් හත්සිය දෙනෙකු වාර්තාවී ඇති අතර පන්සිය අසූදෙනෙකු වයිරසය ආසාදනයෙන් මිය ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *