තවත් කොවිඩ් මරණ 07ක්

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල්වරයා විසින් ඊයේ(28) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්, දෙමළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *