2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින්(01) ආරම්භ වේ.

මධ්‍යස්ථාන 4,513 කදී, අයදුම්කරුවන් 622, 352 ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇත.

මෙම විභාගය පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම් සැළකිල්ලට ගෙනයි අද දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාතයංශය තීරණය කළේය.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විශේෂිත මධ්‍යස්ථාන 40 ක්ද සූදානම් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

නිරෝධායනය වන සිසුන් වෙනුවෙන් මෙවර සෑම විභාග මධ්‍යස්ථානයකම ශාලාවක් වෙන් කර තිබීම විශේෂත්වයකි.

මෙවර විභාගයට කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 18 =