OPPO F-Series නවතම මාදිලිය මාර්තු මාසයේදී

(කොළඹ, ලංකාපුවත්) –OPPO F19 දුරකථන මාදිලි එකතුවේ නවතම මාදිලිය එළඹෙන මාර්තු මාසයේදී හඳුන්වා දීමට OPPO සැලසුම් කර ඇති බව වාර්තා වේ. කාච 4 ක් සහිත සෘජුකෝණාස්‍රාකාර කැමරා මොඩියුලයක් සමග LED flash සහ AI Suport මෙම F19 Pro මාදිලියේ පසුපසට යොදා ඇති අතර, මීට සමගාමීව Smart Band උපාංගයක්ද එළිදැක්වීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් පළවූ පූර්ව-ප්‍රචාරණ පුවතක දක්වා ඇත.

ඉතා අලංකාර නිමාවක් සහිත OPPO F19 Pro මාදිලියේ දකුණු පසින් On/ Off බොත්තමක් යොදා ඇති බව එහි මේ වනවිට නිකුත් කර තිබෙන පෝස්ටරයේ ඇති ඡායාරූප වලින් පෙනී යයි. එම පෝස්ටරයේ දැක්වෙන ආකාරයට නව මාදිලියේ පසුපස පැනලයේ ඇඟිලි සලකුණු සංවේදකයක් (Fingerprint sensor)යොදා නොමැති අතර, ඒ අනුව එම සංවේදකය F19 Pro මාදිලියේ දර්ශන තිරයෙහිම යොදා ඇති බවට (In-display fingerprint sensor)අනුමාන කළ හැක.

අඩු ආලෝක තත්ත්වයන් යටතේ පැහැදිලි ඡායාරූප ලබාගැනීමටහැකිවන පරිදි F19 Pro හි කැමරා තාක්ෂණයද දියුණු කිරීමට OPPO පියවර ගෙන ඇතැයි සිතිය හැකි වේ. එමෙන්ම AI Colour Portrait Video මෙන්ම, පසුපස කැමරාවෙන් මෙන්ම ඉදිරිපස කැමරාවෙන්ද වීඩියෝ කිරීමේ හැකියාව ලබාදෙන Dual-View Video විශේෂාංගයද මීට ඇතුළත් වී තිබීමට ඉඩ ඇත.

ඉතා සිහින් නිමාවකින් යුක්තව පැමිණෙන F19 Pro මාදිලිය අවම වශයෙන් වර්ණ දෙකකින් ලබාගැනීමට හැකිවනු ඇති බව සඳහන් ය.

මීට පෙර OPPO F17 Pro මාදිලිය සමග OPPO අත් ඔරලෝසුව හඳුන්වා දුන් ආකාරයටම, F19 Pro මාදිලියට සමගාමීව OPPO Smart Band උපාංගයද ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO කටයුතු කරනු ඇත. දුරකථන ඇමතුම් සම්බන්ධ notifications සහ වෙනත් notifications ඇතුළුව තවත් විශේෂාංග රාශියක් මෙම Smart Band උපාංගයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම දුරකථන මාදිලියත් Smart Band උපාංගයත් 2021 මාර්තු මාසයේ මැද වනවිට ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පැමිණෙනු ඇත.

මෙරට ජංගම දුරකථන වෙළඳපොළ තුළ OPPO F17 මාදිලි පෙළ අත්පත් කරගත් සාර්ථකත්වය දෙස බලන විට, OPPO F19 මාදිලි පෙළද සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවට දැනටමත් අනාවැකි පළවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *