කොදෙව් කණ්ඩායමට කඩුලු 04ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට සමත්විය.

ඇන්ටිගා හි පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 ක් ලබාගන්නා ලදි. පැතුම් නිශ්ෂංක ලකුණු 39 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි එක් පන්දුවකදී කඩුලු 06 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළේය.

කිරන් පොලාඩ් 38 යි. එවින් ලුවිස් 28 යි.

පන්දු යැවීමේදී අකිල ධනංජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පිට පිටම කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *