වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළසිරුරේ හිස සොයා පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වේල්ලවීදියේදී සොයාගත් කාන්තා මළසිරුරේ හිස සොයා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බොහෝ දුරට අදාල මළ සිරුර රැගෙන ආ පුද්ගලයාගේ පිටෙහි එල්ලාගෙන පැමිණි බෑගයේ එම හිස කොටස ඇති බවට ද සැක කෙරෙන අතර එම බෑගය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන්ගෙන් ලද තොරතුරකට අනුව හිස නොමැති කාන්තා මළ සිරුරක් ට්‍රැවලින් බෑගයක බහා තිබියදී මාර්තු 1 වන දා පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

ඒ අනුව අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ එම මළ සිරුර සම්බන්ධයෙන් සහ එය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් සීසීටීවී දර්ශන ඔස්සේ පුළුල් මෙහෙයුමක් දියත් කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව තහවුරු කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් විය. කෙසේ නමුත් අදාළ ඝාතනය සිදුකළ බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර ඊයේ (03) උදෑසන බඩල්කුඹුර, පහේකණුව ප්‍රදේශයේ ඔහුගේ නිවසට යාබද ස්ථානයක රබර් වත්තේ, ගසක එල්ලෙමින් තිබියදී සොයාගනු ලැබීය.

ඔහු විසින් ඝාතනය කර ඇත්තේ කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචි 30 හැවිරිදි දිලිනි යසෝධා ජයසූරිය නම් තරුණියක් බව පොලීසිය අනාවරණය කරගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 10 =