පැල්වත්ත කිරි සමාගම කිරි කර්මාන්තය ආශ්‍රිත නව ආධාරක කර්මාන්ත නිර්මාණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම ගවයින් සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. සෑම වසරකම, කන්නය, කාලගුණය සහ දේශගුණය අනුව සාමාන්‍යයෙන් නිෂ්පාදනය ධාරිතාවන් වෙනස් වන අතර තෘණ රටාවන්ට සහ කිරි නිෂ්පාදන හැකියාවන්ට එමගින් ඇතිකරන බලපෑම අවම කිරීමට බලාපොරොත්තු වේ.

එමඟින් දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සහතික කිරීම පමණක් නොව, දේශීය කිරි ගොවීන්ගේ, ආධාරක කර්මාන්තවල සහ ගොවීන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නංවාලීමට ද හැකි වේ.

පැල්වත්ත සමාගම විසින් කාන්තාවන් සහ තරුණ තරුණියන් කිහිප දෙනෙකුට තමන්ගේම, සත්ව අහාර සහ ගවයින් සඳහා පෝෂණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන මධ්‍යස්ථාන පිහිටුවීමට සහයෝගය ලබා දී තිබේ. එම නිෂ්පාදන සමාගම සමග ලියාපදිංචි වී ඇති දේශීය කිරි ගොවීන් විසින් මිලදී ගනු ලබන අතර ගවයින්ට වසර පුරා අවශ්‍ය ආහාර නොඅඩුව ලබා දෙන බවට සමාගම සහතික වන අතරම එම ක්‍රියාවලිය හරහා සහය කර්මාන්ත වලටද විශාල ශක්තියක් හිමිවේ.

මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව පැල්වත්ත ඩේරි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ පැවසීය. “ ප්‍රාදේශීය වශයෙන් ගොවින් සහ ඔවුන්ගේ ආධාරක කර්මාන්ත අපගේ වටිනාකම් දාමයේ වැදගත්ම අංගයක් බව අප විශ්වාස කරනවා. දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන මෙම ප්‍රජාවන්ගේ සමාජයීය හා ආර්ථික ප්‍රමිතීන් ඉහළ නැංවීම කෙරෙහි අප දැඩි අවධානයක් යොමු කර තිබෙන අතර ඒ සඳහා කිරි ගොවීන්ගේ සහ ආධාරක කර්මාන්තවල නියැලි ගොවීන්ගේ ජීවිත නඟාසිටුවීම සඳහා විශාල වශයෙන් ආයෝජනය සිදු කර තිබෙනවා.”

ඔවුන්ට පුහුණුව වැනි උපකාරක සේවාවන් සැපයීම මගින් PDIL විසින් උසස් තත්ත්වයේ නැවුම් කිරි සැපයුම් දාමයක් නිර්මාණය කිරීම සහතික කර ඇත. එහිදී කිරි එකතු කිරීමේ නියැලී සිටින සේවකයින්ට ඉහළම ගුණාත්මක නැවුම් කිරි ලබා ගැනීමට හැකියාව ලැබේ. PDIL සිය නිෂ්පාදන පරාසය තුළ 100% නැවුම් කිරි පමණක් භාවිතා කරන බැවින්, මෙය සෑම නිෂ්පාදනයක් තුළම ඉහළම ප්‍රමිතීන් සහතික කිරීමට හේතු වී තිබේ.

සමාගම දැඩි මාර්ගෝපදේශ අනුගමනය කරමින් කිරි වල ගුණාත්මකභාවය හා සෞඛ්‍යාරක්ෂිත බව නොවෙනස්ව පවතින බව සහතික කරමින් දේශීය ගොවීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කිරි ලබාගෙන ඇත. කුඩා පරිමාණ ගොවීන් හා පෞද්ගලික ගොවිපලවලට පැල්වත්ත කිරි සමාගම ගැනුම්කරුවකු ලෙස සහතික වී සිටින අතර ඔවුන්ගේ නිෂ්පාදන සෑම විටම තරඟකාරී ලෙස මිල කළ හැකි බවටත් සහතිකයක වී ඇත. ඒ අනුව ප්‍රදේශය පුරා පවුල් 1000 කට අධික සංඛ්‍යාවකගේ ජීවනෝපාය සහතික කරලීමට පැල්වත්ත සමාගම සහය වී ඇත.

පැල්වත්ත සමාගම කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවට දැඩි ලෙස විශ්වාස කරන අතර ඒ සඳහා නිරතුරුවම ආයෝජන සිදු කරමින් ගව පෝෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් නිතිපතා සිදු කරයි. දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින ගොවීන්ට පුහුණු වැඩසටහන් නැරඹීමට පැමිණෙන ලෙසටද ඔවුන් නිතිපතා ආරාධනා කර සිටීයි. ඉහළ පුහුණුව ලත් ගොවි වෘත්තිකයන් ගොවීන්ට ඔවුන්ගේ පුළුල් තෘණ බිම්වල වගා කරන ලද ආහාර භාවිතා කරමින් පෝෂණ සංයෝජනය සමඟ විවිධ ආහාරවල ප්‍රායෝගික භාවිතයන් පෙන්වා දෙයි.

කිරි නිෂ්පාදනයේදී වඩාත් පළදායි ලෙස කිරි ලබාදෙන කිරි ගවයින් සඳහා ඉහළ කිරි නිෂ්පාදනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් අවශ්‍ය වේ. කාබෝහයිඩ්‍රේට්, ඇමයිනෝ අම්ල, මේද අම්ල, ඛනිජ, විටමින් සහ ජලය යන සියල්ලම කිරි සහ කිරි සංරචක නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වේ. කෙසේ වෙතත් ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීම සඳහා කිරි ගවයින් වර්ධනය කල යුත්තේ වසු පැටවාගේ කාලයේ සිටයි.

කිරි කර්මාන්තය සඳහා භාවිත කෙරෙන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ නැවුම් කිරිය. නමුත් මෙහි වැදගත් කරුණක් වන්නේ කිරි නිෂ්පාදනය සඳහා කිරි ගවයින්ට ලබා දෙන පෝෂණ අහාර කිරි නිෂ්පාදනයට සෘජුවම බලපෑම් කිරීමයි. එහිදී වියළි කාලවලදී, වර්ෂාපතනය අවම වන අතර ඉඩම් නිසරු හා වියලියාම නිසා ඇතිවන ගැටළු මග හරවා ගනිමින් කිරි ගවයින් සඳහා අවශ්‍ය අහාර නිෂ්පාදනය තිරසාර ලෙස පත්වා ගනිමින් ඉහළ ගුණාත්මක බවින් යුතු කිරි නිෂ්පාදනය සඳහා මෙම ආධාරක කර්මාන්ත විශාල කාර්ය භාරයක් ඉටු කරයි.

පැල්වත්ත සමාගමේ මුලික මෙහෙවර වන කිරි නිෂ්පාදනය අතින් “ජාතිය ස්වයංපෝෂිත කිරීමේ දැක්ම” මෙන්ම ගොවීන්ට, ඔවුන්ගේ ජීවනෝපායන් සහ පවුල්වලට විවිධාකාරයෙන් සහාය දක්වමින් ඔවුන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ වර්ධනය මෙන්ම ජාතියේ වර්ධනයට මඟ පෙන්වීම පැල්වත්ත ඩේරි සමාගමේ අභිප්‍රායයි.

ශ්‍රී ලංකාවේ 100% දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත සමාගම ආරම්භයේ සිටම කිරි නිෂ්පාදනයෙන් ජාතිය ස්වයංපෝෂිත කිරීමේ දැක්ම ඇතිව කටයුතුකළ අතර පර්යේෂණ හා සංවර්ධනය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරයි. එය පැල්වත්ත වටිනාකම් දාමයේ සියලුම පාර්ශවකරුවන්ට ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට සහය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *