හජ් වන්දනාවට පෙර කොවිඩ් එන්නත අනිවාර්යය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ, හජ් වන්දනාවට එක්විය හැකි වන්නේ, කෝවිඩ් මර්දන එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් බව සවුදි අරාබිය නිවේදනය කරයි.

ඒ, කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙනි.

මේ හේතුවෙන් මක්කමට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමටත්, ඒ වෙනුවෙන් එහි සියලු පිවිසුම් ස්ථාන සඳහා අවශ්‍ය පිරිස යොදවමින් සුරක්ෂිතතාව ඇතිකිරීමටත් රජය සූදානම් විය යුතු බව සවුදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තවුෆික් අල්‍ රබීන් මහතා සඳහන් කර ඇත.

හජ් වන්දනය ඉස්ලාමීය මාස ක්‍රමයේ දොලොස්වන මස වන දුල් හජ් මස 08 වන දින සිට 12 වන දින දක්වා සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *