තවත් කොවිඩ් මරණ 05ක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් මරණ 05ක් ඊයේ (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල්වරයා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 15 =