එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානි හා ආරක්ෂක ලේකම් හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපදයේ පැසිෆික් කලාපයේ ගුවන්හමුදා ප්‍රධානී ජෙනරල් කෙනෙත් එස් විල්ස්බැච් මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අමාත්‍යාංශයේ දී ඊයේ (04) හමුවිය.

ආරක්ෂක ලේකම්වරයා සහ අද්මිරාල්වරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව හා අනාගත අභියෝගයන් පිළිබඳව හමුවේ දී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා70 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම හමුවීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ අද්මිරාල්වරයා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *