නව තාක්ෂණ ව්‍යයසායකයින් 400 කට වැඩි පිරිසකට ව්‍යාපාර අවස්ථා

(කොළඹ, ලංකාපුවත්) –නව තාක්ෂණ ව්‍යයසායකයින් ඉලක්ක කරගත් www.stratupsl.lk ජාතික නිල වෙබ් අඩවියේ මේ වනවිට නව තාක්ෂණ ව්‍යාපාර 400 කට වැඩි ප්‍රමානයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA )පවසයි.

ශ්‍රී ලාංකික නව තාක්ෂණ ව්‍යාපාර, ආයෝජකයින් සහ ව්‍යාපාර පාර්ශවකරුවන් සියල්ලන්ම තනි වේදිකාවකට එකරාශිකිරීමේ අරමුණින් මෙම වෙබ් අඩවිය දියත් කරන ලදී. මෙම ව්‍යාපාරිකයන් දිරි ගැන්වීම සදහා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රාජ්‍ය අංශයට අවශ්‍යය සැපයීම් ටෙන්ඩර් අවස්ථා stratupsl.lk වෙබ් අඩවියේ
ලියාපදිංචි වී ඇති නව තාක්ෂණ ව්‍යාපාර (startup )සදහා ලබා දෙනලෙස මුදල් අමාත්‍යාංශය විසින් සියලුම
රාජ්‍ය ය ආයතන වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙහෙයවන ලබන මෙම වෙබ් අඩවිය තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රමුඛව පරිපාලනය සහ මෙහෙයවීම සිදු කරනු ලබයි. ඒ සදහා තොරතුරු තාක්ෂණ ආයතන ද ස්වෙච්චාවෙන් සහාය ලබාදෙයි.

ජාතික හා අන්තර්ජාතික වශයෙන් නව තාක්ෂණ ව්‍යවසාය අවස්ථා උදාකරදීම හා ඩිජිටල් පහසුකම් සැපයීම ද නව අමාත්‍යංශයේ ප්‍රමුඛ් කාර්යක් බවත් ඒ සදහා මෙම වැඩපිළිවෙල සාර්ථක අනුබලයක් වී ඇතැයි තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරයි .ඒ සදහා තොරතුරු තාක්ෂණ සමාගම් ද ස්වෙච්චාවෙන් සහාය ලබාදෙයි.

නව තාක්ෂණ ව්‍යයසායකයින්හට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇති අතර, මෙහි ලියාපදිංචි වීම මගින් ඔවුන් හට ඔවුන්ගේ ව්‍යාපාර සදහා අවශ්‍ය පිලිගැනීම, විවිධ වෘතීය පාර්ශව හා සමාගම් හා සම්බන්ධ වීමේ අවස්ථාවත්, විශේෂ මූල්‍ය ප්‍රතිපාධන සහ විශේෂ වෙළදපොල අවස්ථාවන් උදා කර ගැනීමේ අවස්ථාවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සලසා දී තිබේන බව එහි වැඩසටහන් ප්‍රධානි සචින්ද්‍ර සමරරත්න මහතා ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යයංශය නිකුත්කර ඇති චක්‍රලේඛයට අනුව ද වටිනාකම රුපියල් මිලියන දෙකට අඩු සියලුම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙම වෙබ් අඩවියේ (www.StartupSL.lk )හි ලියාපදිංචි වී ඇති ව්‍යාපාර සදහා පිරිනැමීය යුතුබව ට සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යයාල, සියලුම රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය අනුබද්ධ ව්‍යාපාර හා ආයතන වෙත උපදෙස් ලබා දී ඇත. සීමාසහිත Digital Pulz ආයතනයේ කෝලිය පුලසිංහ ප්‍රකාශ කරන්නේ මෙම startupsl .lk වෙබ් අඩවියේ ලියාපදින්චි වීමෙන් පසු තාක්ෂණ අවශ්‍යයතා සපුරාගැනීම සදහා තමනට නොමිලේ ලැබුණ ක්ලවුඩ් ක්‍රෙඩිට් පහසුකම් කොවිඩ් සමයේ විශාල පිටිවහලක් වුබවයි. අවශ්‍ය ක්ලවුඩ් ක්‍රෙඩිට්ස් නොමිලේ පිරිනැමීම ඇමේසන් වෙබ් සර්විසස් ආයතනය හා අනුබද්ධිතව සිදුකෙරේ .එමෙන්ම විවිධ සම්මාන සහ තරඟ සදහා අයදුම් කිරීමේ ක්‍රියාවලියද මෙම StartupSL.lk අඩවිය විසින් සිදු කරනු ලැබේ.

මෙම වෙබ් අඩවියේ මේ වන විට කෘෂි තාක්ෂණ, කෘතිම බුද්ධි, රොබෝ තාක්ෂණ, විද්‍යුත් වාණිජ, මෘදුකාංග හාදෘඩාංග ඇතුලු 40කට අධික වර්ගීකරණ කාණ්ඩ යටතේ නව තාක්ෂණ ව්‍යයසායකයින් ලියාපදිංචි වී සිටියි. වෙබ්අ ඩවියට පිවිසෙන පරිශීලකයින් හට මෙම නව ව්‍යාපාර සියල්ලම ව්‍යාපාර ඛාණ්ඩය, මූල්‍ය ප්‍රතිපාදන ඛාණ්ඩය, ව්‍යාපාර අවධිය හා ලියාපදින්චි දිනය යන තේරීම් ඔස්සේ තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ව්‍යාපාර
පිරික්සා සම්බන්ධ කර ගැනීමේ හැකියාව සලසා ඇත.

දේශීය හා විදේශීය ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ නව තාක්ෂණ ව්‍යාපාර සොයා සම්බන්ධ කර ගැනීම සදහාත්, ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර විශ්ලේෂණය කිරීම සදහා තොරතුරු මූලාශ්‍රයක් ලෙසත් ද මෙම වෙබ් අඩවිය භාවිතාකරමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *