බ්ලැක්මේල් කරනවා නම් 118ට පැමිණිලි කරන්න

(කොළඹ, ලංකාපුවත්) – 118 දුරකථන අංකයට පැමිණි පැමිණිලිවලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ පුද්ගලයන් දෙදෙනකු සිරගත කළ බවත් බ්ලැක්මේල් කිරීමේ සිද්ධීන් වෙතොත් බිය නොවී 118 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

මින් ඉදිරියේදී කිසිම කාන්තාවක් බිය නොවිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා තමන්ම බ්ලැක්මේල් කරන්න උත්සහ කරන පුද්ගලයන් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසත් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමැති වීරසේකර මහතා කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දකුණු පළාතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ නිල උත්සවයේදීය.

විනය, හික්මීම, රට ගැන හැඟීමක් නොමැතිවීම යන කාරණා තුන ශ්‍රී ලංකාව තුළ අපරාධ රැල්ල වැඩි වීමට ප්‍රධාන කරුණු තුනක් බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + seventeen =