මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වූ බව ඊයේ (07) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් සහ කන්නත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *