නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ATM ජාලයට ස්මාර්ට්විශේෂාංග පෙළක් එක්කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නවෝත්පාදන බැංකුකරණයේ පුරෝගාමියා වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හා මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) සඳහා ලංකාවේ ප්‍රථම වරට විප්ලවීය විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව තමන්නිතරමසිදුකරනගනුදෙනු පිළිබඳ විස්තර ඇතුලත්කරතිබීමමෙන්ම, මුදල් ආපසු ගැනීමේදී තමන්ට අවශ්‍ය මුදල් නෝට්ටු මිශ්‍රණය තෝරා ගැනීමේ අවස්ථාව ද නේෂන්ස් ට්‍රස්ට් ගනුදෙනුකරුවන්ට හිමිව තිබේ.

ඒ අනුව මුදල් ආපසු ගැනීම, බිල්පත් ගෙවීම් හා මුදල් හුවමාරු කරගැනීම ආදීනිතර සිදුකරන බැංකු කටයුතු නවතම Favourites විශේෂාංගය වෙත එක් කිරීමටත්, ඒ හරහා බිල්පත් ගෙවීමට අදාළ ආයතනය, මුදල් ප්‍රමාණය ආදි විස්තර ගබඩා කිරීමටත්,ATM හරහා ඒවා අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් අවස්ථාව සැලසේ. එය ගනුදෙනුකරුවන්ගේ කාලය ඉතිරි කරමින් විශාල පහසුවක් සලසයි.

මේ අතර නව විශේෂාංග පෙළ හරහා, රුපියල් 500කට වැඩි මුදලක් ATM හෝ CRM මගින් ලබාගැනීමේදී තමන්ට අවශ්‍යමුදල්නෝට්ටුමිශ්‍රණයතෝරාගැනීමේහැකියාවදගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ. එම නිසා මුදල් මාරු කරගැනීමට වෙළෙඳසැල් වෙත යාමේ අවශ්‍යතාවක් ඇතිනොවන අතර,

මෙමගින් සමාජ දුරස්ථභාවය මනාලෙස පවත්වා ගැනීමට හැකියාව ලැබේ. ඊට අමතරව මෙම වැඩිදියුණු කල විශේෂාංග හරහා දිනපතා මුදල් ආපසු ගැනීමේ ශේෂය සහ සීමාව දැනගැනීමේ හැකියාව ද ගනුදෙනුකරුවන්ට හිමිවන තවත් පහසුකමකි.

“අපගේ සෑම සේවාවකදී ම උපරිම පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කැපවී සිටිනවා. අපගේ ගනුදෙනුකරුවන් බොහෝ විට ATM හා CRM සමඟ ගනුදෙනු කරන නිසා, ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් හා ඔවුන්ගේ කාලය ඉතිරි කරමින්, වැඩි පහසුවක් සැලසීමට මේ හරහා හැකිවෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට, ඔවුන්ගේ බැංකු කටයුතු පහසු කරවන සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව හැඩගැහෙන බැංකු සේවාවක් අවශ්‍ය බවත් අපි හොඳින් හඳුනාගෙන සිටිනවා. මේ ආකාරයටඅපගේ සියලු ම ක්‍රියාකාරකම් පාරිභෝගිකයින් මුල්කරගනිමින් සිදුවෙනවා“, යනුවෙන් මෙම නවතම විශේෂාංග පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා පැවසීය.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලයආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලකාව තුළ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක් විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *