ස්වභාවික ග්‍රීන් ටී සාරය මුසුවූ නව anti-bacterial ස්ථරයකින් යුත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු සනීපාරක්ෂක තුවාය Eva විසින් හදුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සනීපාරක්ෂක තුවා සන්නාමයක් වන Eva , දේශීය සනීපාරක්ෂක කර්මාන්තය තුල ප්‍රථම වරට ස්වභාවික ග්‍රීන් ටී සාරය මුසුවූ anti-bacterial ස්ථරයකින් යුත් නවතම හා වැඩිදියුණු කළ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් හදුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදනය, කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් කාලය තුළ වඩාත් ආරක්ෂිතව, දුර්ගන්ධ රහිත සහ ආසාදනවලින් තොර ඉතාමත් සෞඛ්‍යයට හිතකර අත්දැකීමක් ලබා දෙනු ඇත. Eva විසින් මෙවැනි ආකාරයේ anti-bacterial ස්ථරයක් හදුන්වා දීම මඟින් රටේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීමේහි විප්ලවීය වෙනසක් සිදු කරයි.

ලොව පුරා කාන්තාවන් හා ගැහැනු ළමයින් බිලියන ගණනක් මාසිකව ඔසප් වන වයසෙහි පසුවන අතර ඔවුන්ගෙන් 75% ක් තම ජීවිත කාලය තුළ යෝනි යීස්ට්, බැක්ටීරියා ආසාදන හෝ ඔසප් දුර්ගන්ධය වැනි ආසාත්මිකතා අත්විඳිනු ඇති අතර මෙම ආසාදන හා දුර්ගන්ධයන් විවිධ සෞඛ්‍ය ගැටලු සඳහා මුලික වේ. Eva සනීපාරක්ෂක තුවා නිෂ්පාදනවල ඇති නව anti-bacterial ස්ථරය, බැක්ටීරියා සහ දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමට උපකාරී වන අතර ප්‍රති-ක්ෂුද්‍රජීවී (anti-microbial) ප්‍රතිකාරක තාක්ෂණය භාවිතා කරයි.

ප්‍රතිඔක්සිකාර අඩංගු ග්‍රීන් ටී සාරය, anti-bacterial ස්ථරයට තුලට කා වැදී ඔසප් දූර්ගන්ධය වැලක්වීමට උපකාරී වේ. ගැඹුරු liquid lock-in අවශෝෂණ පද්ධතියකින් සමන්විත මෙම සනීපාරක්ෂක තුවාය ඉතා වේගයෙන් රුධිරය සහ දියර අවශෝෂණය කිරීමට හැකියාවක් ඇත.ආරක්ෂණ ස්ථර 6කින් සමන්විත 100% වැඩි දියුණු කරන ලද අවශෝෂණතාවයකින් යුත් මෙම නව anti-bacterial ස්ථරය කාන්තාවන්ට වඩාත් සුවපහසුවක් සහ විශ්වාසයක් ලබා දෙනු ඇත.

Eva සන්නාමය, වසර 30 කට වැඩි කාලයක පටන් ශ්රී ලාංකික කාන්තාවන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකිවී ඇත්තේ ඉතාමත් ඉහල ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන පමණක් වෙළඳපොලට ඉදිරිපත් කරන නිසාවෙනි. කාන්තා ශරීරයට සරිලන සේ සනීපාරක්ෂක තුවා වල හැඩය සහ ස්වරූපය වෙනස් කළ ප්රථම ලාංකීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදක වීම,කාන්දුවීම් වැළැක්වීම සඳහා වින්ග්ස් සහිත සනීපාරක්ෂා තුවාය, උපරිම අවශෝෂණය හා කාන්දුවීම් ආරක්ෂාව සඳහා ස්ථර හයක තුවාය සහ හදුන්වාදෙන නවතම නිෂ්පාදනය වන ස්වභාවික ග්‍රීන් ටී සාරය ඇතුළත් anti-bacterial ස්ථරයක් වැනි නව නිෂ්පාදනයන්හි පුරෝගාමියා වන්නේ Eva සන්නාමයයි.

ICL Brands පුද්ගලික සමාගමේ ප්රමුඛතම සන්නාමය වන Eva, 1987 සිට ශ්රී ලාංකික කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්යතා සපුරාලමින් සිටින අතර 80% කට වැඩි වෙළඳපල කොටසක් හිමි ශ්රී ලංකාවේ ප්රමුඛ සනීපාරක්ෂක තුවා සන්නාමයයි. මිලියන 10 කට අධික ශ්රී ලාංකික කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා සැපයීම සඳහා, ලොව පුරා ප්රමුඛ පෙළේ සැපයුම්කරුවන්ගෙන් ලබා ගත් උසස් ප්රමිතියෙන් යුත් අමුද්රව්ය, අති නවීන ජාත්යන්තර නිෂ්පාදන තාක්ෂණය සහ පළපුරුදු වෘත්තිකයන් සහ විශේෂඥයන් කණ්ඩායමක් ICL සමාගම සතුවේ. Eva හි සාර්ථකත්වය ශ්රී ලාංකික කාන්තාවට විශ්වාසයෙන් යුතුව උසස් තත්වයකින් අනූන ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂක විසඳුම් ලබා දීම තහවුරු කරන අතර ඒමගින් කාන්තාවන් සවිබල ගැන්වීමට අඛණ්ඩව උත්සාහ කිරීමේ අධිෂ්ඨානය සහ මෙහෙවර ශක්තිමත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *