රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල නර්ඩ් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) –නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය අද(23) එම අමාත්‍යාංශයට අයත් ජා ඇල පිහිටි ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( නර්ඩ් ආයතනය) හදිසි නීරික්ෂණ චාරිකාවක නිරත විය.

අමාත්‍යතවරිය විසින් එහි වර්තමාන හා අනාගත සැලසුම් පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර මෙම ආයතනය තුල පර්යේෂණ සිදුකිරිමේදි එම පර්යේෂණයන්ගේ අවසාන අරමුණ විය යුත්තේ ජාතික හෝ ජාත්‍යන්තර ගැටලුවකට විසදුමක් බවත් එසේ නොමැතිව කාලය හා මුදල් වැය කිරිමෙන් ප්‍රතිඵලයක් නොවන බව එතුමිය විසින් වැඩිදුරටත් පවසන ලදි.

මෙම අවස්ථාවට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආනන්ද නාමල් මහතා ඇතුලු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *