ඉන්දියාවෙන් විකෘති වු කොවිඩ් ප්‍රභේදයක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

එම නව ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදයන් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත.

එරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්ගත ලෙස ඉහළයමින් පවතින අතරතුර මෙලෙස නව ප්‍රභේදයන් හඳුනාගෙන ඇති නමුත්, ආසාදිතයින් ඉහළ යාමට නව ප්‍රභේදයන්ගේ බලපෑමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදී තිබේ.

මේ වසර ආරම්භයෙන් පසුව දිනක් තුළ හදුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (23) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 47,262ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *