ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ(25) දිනයේ තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *