HCL Technologies සිය සය මසක ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අතර කාර්ය මණ්ඩලය 500 සන්ධිස්ථානය සනිටුහන් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඇමරිකානු ඩොලර් බිලියන 10ක ඉපැයුම් සහිත ගෝලීය තාක්ෂණ සමාගමක් වන එච්.සී.එල් ටෙක්නොලොජීස් (HCL Technologies හෙවත් HCL) සිය ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය 2020 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී අරඹන ලද්දේ වසර 3-5ත් අතර කාලයේදී රැකියා 3000ක් නිර්මානය කිරීම සිය ඉලක්කය බවට නිවේදනය කරමිනි.

ඒ උදෙසා සිය කැපවීම පෙරට රැගෙන ගිය HCL Sri Lanka ආයතනය අභියෝගාත්මක වූ වසංගත තත්ත්වය මධ්‍යයේ වුව අදාළ පළමු කාර්තු 2 තුළ 500ක් ඉක්මවූ කාර්ය මණ්ඩලයක් සේවයේ පිහිටුවීමට සමත්විය. මෙම රැකියා බහුතරය, යෙදුම් සහ නිෂ්පාදන සංවර්ධනය (Application & Product Development) ,ඩිජිටල් තාක්ෂණය (Digital Technologies,), ජාලකරණය සහ ක්ලවුඩ් විසදුම් (Networking & Cloud Solutions) මෙන්ම යටිතල පහසුකම් සේවා ආදී ක්ශේත්‍රවලට අයත් වේ.

ලොව විශිෂ්ඨතම සේවායෝජකයන් අතර රැදීමේ ගෞරවයට පාත්‍රවූ HCL ඉකුත් දාForbes විසින් නිකුත් කළ 2020 වසරේ ලොව හොදම සේවායෝජකයින්ගේ ලැයිස්තුවේ 30 වැනි තැනට පත්විය.මනා දැක්මකින් යුතුව ක්‍රියාත්මකවන HCL සමාගම විසින් නිපුණතා සංවර්ධනය සදහා රජයේ දැක්ම වෙනුවෙන් සිය සහය දැක්වීමේ එක් අංශයක් ලෙසින් HCL TechBee නමින් උසස් පෙළ අවසන් කළ සිසුන් වෙනුවෙන් පූර්ව වෘත්තීය වැඩසටහනක් දියත් කරනු ලබයි. මෙම වැඩසටහනේදී තොරාගත් අපෙක්ෂකයින්ව තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් වීමට සුදුසු අනාගතයට ඔබින තොරතුරු තාක්ෂණ දැනුමකින් සන්නද්ධ කරනු ලැබේ. මෙම එක් අවුරුදු පාඨමාලාවේදී අදාළ අපේක්ෂකයන් විසින් මෘදුකාංග ඉංජිනේරුවකු/ විශ්ලේෂයකු වීම පිණිස ආධුනිකත්ව පුහුණුවක් ලබාගනු ඇත.

TechBee වැඩසටහනේ විශේෂ කරුණු
• මෙම වැඩසටහන සඳහා ඇතුළත් වීමට මූලික සුදුසුකම් සපුරනුලබන සිසුන් ඔන්ලයින් හෙවත් මර්ගගත ක්‍රමවේදයට පවත්වනු ලබන HCL CAT නමැති වෘත්තීය යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණදිය යුතු වේ. HCL CAT යනු ගණිතම සංඛ්‍යාත්මක අපෝහණය (Quantitative Reasoning -Mathematics) , තර්කානුකූල අපෝහනය (Logical Reasoning) සහ ඉංග්‍රීසි භාෂාව යන විෂයන්හී ඔබගේ යෝග්‍යතාව මැනබැලීම උදෙසා නිර්මානය කර ඇති මාර්ගගත තක්සේරු පරීක්ෂණයකි (online assessment test).

• TechBeeසඳහා තෝරාගන්නා සිසුන් හට සජීවි HCL ව්‍යාපෘති සදහා වන තම සීමාවාසික පුහුණුව තුළ දීමනාවක් පිරිනැමෙනු ඇත.

• TechBee වැඩසටහන සම්පූර්ණ කරන අපේක්ෂකයන් HCL හී පූර්ණ කාලීන සේවකයන් බවට පත්වනු ඇති අතර උසස් අධ්‍යාපන. සෞඛ්‍ය මෙන්ම සේවක සුබසාධන වැඩසටහන් මාලාවක ප්‍රතිලාභ සහ වෘත්තීය ප්‍රගතියක් අත්විදීමේ අවස්ථාව ඔවුන් වෙත හිමිවේ.

• අදාළ අපේක්ෂකයා HCL හී පූර්ණකාලීන සේවකයකු බවට පත්වීමෙන් අනතුරුව ඔහුට හෝ ඇයට Horizon Campus හී සිය උපාධි අධ්‍යාපනය පෙරට රැගෙන යා හැකිය.

• https://hclsrilanka.com/techbee/ වෙබ් අඩවිය මගින් සිසුනට TechBee වැඩසටහන සඳහා ඉල්ලුම් කළ හැකිය.

‘තරුණ සිසුන් පුහුණු කිරීමට සහ බදවා ගැනීම වෙනුවෙන් HCL හී TechBee පූර්ව වෘත්තීය වැඩසටහන දියත් කිරීමට හැකිවීම ගැන අතිශයින් සතුටට පත්වෙනවා’ යැයි පවසන HCL Technologies හී සමූහ උප සභාපති සිරිමතී ශිවසංකර් ‘අනාගතය නියොජනය කරන්නේ තාරුණ්‍යය විසිනුයි.

තොරතුරුසහ සන්නිවේදන තාක්ෂණයේ තනතුරු වෙනුවෙන් ඇති ගෝලීය ඉල්ලුම සපුරාලිය හැකි හොඳම ක්‍රමවේදය වන්නේ නිපුනත්වයයි. TechBee යනු පෙරළිකාර නිපුනතා වැඩසටහනකක් වගේම, මෙම නිපුනතා වැඩසටහන්, ශ්‍රී ලංකාව තුළ නිපුනත්වයෙන් හෙබි සහ වෘත්තීය හැකියාවන්ගෙන් යුත් කුසලතා සංචිතයක් බිහිකිරීමේ අප අපෙක්ෂාවේ පොරොන්දු පත්‍රයක්. TechBee වලට අමතරව, HCL හි ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය සදහාත් මෙරටින් බඳවාගැනීම් සිදුකරනවා. මේ වන විට අපි 500කට අධික පිරිසක් බඳවාගෙන සිටිනවා. ඉදිරි වසරවලදී අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල නිපුනත්වය සහ පරිමානය වර්ධනය කරමින් රටට පිරිනැමීමට නියමිත අවස්ථා පිළිබදව අපි අතිශයින් සතුටට පත්වෙනවා වගේම මෙය මැනවින් වර්ධනය වෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාකාරකම්වලට දායකවීමට අපි බලාපොරොත්තුවනවා වගේම ඉදිරි වසරවලදී Horizon Campus සමග එක්ව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා’ යිද පැවසුවාය.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් උදෙසා සුදුසු වෘත්තීය පරිසරයක් බිහිකිරීමේ කටයුත්තේදී HCL විසින් දක්වන ලද කැපවීම දැකගැනීමට ලැබීම මට මහත් ආඩම්භරයක්.HCL වැනි ගෝලීය සන්නාමයක්, කලාපයේ ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් බිහි කිරීමේ අප රජයේ දැක්ම හා අනුගත කරමින් ඔවුන්ගේ වැඩසටහන් පෙළගැස්වීමට සතුටට කරුණක්’ යනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *