ව්‍යාජ විරෝධතා රැල්ලක් තුළින් රට අරාජිකත්වයට ගෙන යාමේ සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –දෙදහස් පහළොවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සිදු කළ ආකාරයටම ජාත්‍යන්තර බලවේග වල අවශ්‍යතාවය මත වත්මන් රජයට එරෙහිව ව්‍යාජ මතවාද පතුරුවන විරෝධතා රැල්ලක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ දරණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගියදා (26) මිනුවන්ගොඩ දී පැවති තරුණ සංවිධාන නියෝජිත හමුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ දෙදහස් පහළොවේ දී ජාත්‍යන්තර බලවේග වල අවශ්‍යතාවය මත රජයට එරෙහිවක්‍රියාත්මක වූ රත්තරන් අශ්වයෝ ,ලැම්බෝගිනි , ඩුබායි බැංකු ගිණුම් වැනි ව්‍යාජ මත වාද රැල්ලක් මගින් බලයට පැමිණි යහපාලන රජය රට තවත් වසර විස්සක් ආපස්සට රැගෙන ගිය බවයි.

පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ රට වල ඡායාරූප යොදා ගනිමින් සහ පෞද්ගලික ඉඩම් වල ඉදිකෙරෙන ගොඩනැගිලි වල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරමින් ගෙන යන ව්‍යාජ මතවාද රැල්ල ද මෙම ව්‍යාපාරයේතවත් එක් පියවරක් බව පෙනී යයි.

පසුගියදා විහාර මහා දේවී උද්‍යානය අසල පරිසර හිතකාමී චිත්‍රයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයක් එල්ලකිරීමේ සිද්ධිය පසුපස හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සිටින බවට අනාවරණය විය.

දෙදහස් පහළොවේ දී යහපාලන රජය බලයට පත්වීමත් සමඟ මහබැංකු මකොල්ලය සිදුකිරීම නිසා රට ආර්ථිකමය වශයෙන් දැඩි පීඩනයකට පත්වුබව පෙන්වා දුන් අමාත්‍යවරයා එම රජයේ බැංකු මංකොල්ලයට සෘජුව හෝ වක්‍රව චෝදනා ලැබූ ඇතැම් පිරිස් අද ජනතා සහනයක් ලෙස වත්මන් රජය ලබාදුන් සීනි බදු අඩුකිරීම දැවැන්ත වංචාවත් ලෙස හුවා දක්වමින් සිටියි.

යහපාලන රජයේ බල අරගලය මත ජාතික ආරක්ෂාව බිඳවැටීම නිසා අමානුෂික ලෙස අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ අතර එයින් දෙසිය පණහකට අධික පිරිසක් මරණයට පත්වී තවත් පිරිසක් සදාකාලික අබාධිතයින් බවට පත්විය.
වසර තිහක් පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමට 2009 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි කැපවීමකින් කටයුතු කළ අතර රට නිදහස් නිවහල් රාජ්‍යයක් බවට පත්කරසංවර්ධනය කිරීමේ මාහැගි කර්තව්‍යයට පණ දුන් අවස්තාවක දී ජාත්‍යන්තර බලවේග වල අවශ්‍යතාවය අනුව රජයට එරෙහිව ව්‍යාජ මතවාද රැල්ලක් ක්‍රියාත්මක කොට එම රජය පෙරළා දැමීමට කටයුතු කරනු ලැබීය.

වර්තමානයේදී සිදුවෙමින් පවතින්නේ කොවිඩ්වසංගතයට සාර්ථකව මුහුණ දෙමින්බිඳ වැටෙමින් පවතින සෑම අංශයක්ම ගොඩනැංවීම සඳහා වත්මන් රජය සාර්ථක ක්‍රියාදාමයක් ගෙන යමින් තිබියදී විවිධ අසත්‍ය මතවාද පතුරවමින් ව්‍යාජ විරෝධතා රැල්ලක් ඇතිකර නැවත රට අරාජිකත්වයට ගෙන යාමේ සැලැස්මකි.

මෙවැනි වාතාවරණයක් තුළ2015 දී සිදුවූ ආකාරයට බොරු රැල්ලකට හසු නොවී රට ගොඩනැංවීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා රජය සමග අත්වැල් බැඳගන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *