සචින් තෙන්ඩුල්කාර්ට හා යුසුෆ් පතන්ට කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

තමන්ට ඇතිවූ මද අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පරික්ෂා කිරීමේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසයි.

දැනට වෛද්‍ය උපදෙස් අනුව නිවෙස් නිරෝධායනයේ පසුවන බවත් නිවසේ අනෙකුත් අයට වෛරසය ආසාදනය වී නොමැති බවටද සචින් තෙන්ඩුල්කාර් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

පසුදා අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවුයේ ද සචින් තෙන්ඩුල්කාර්ය.

මේ අතර ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන යුසුෆ් පතන්හටත් කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ(28) වාර්තා කර තිබුනි.

38 හැවිරිදි යුසුෆ් පතන් මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියි. යුසුෆ් පතන් ද පසුගිය 11 වැනිදා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟයට ද ක්‍රීඩා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *