2022 ජාතික වෙසක් උත්සවය කූරගල රාජමහා විහාරයේ දී

(කොළඹ, ලංකාපුවත්) – 2022 ජාතික වෙසක් උත්සවය කූරගල රාජමහා විහාරයේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඊයේ (28) කූරගල රාජමහා විහාරයේ අසදිස ශාක්‍ය සුගත මහා සෑ⁣යේ මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයට සාභාගි වීමෙන් පසු අමාත්‍යවරයා මේ බව කීවේය.

මේ වසරේ ජාතික වෙසක් උත්සවය යාපනයේ පැවැත්වීමට කටයුතු සිදු වන නිසා එළඹෙන වසරේ කූරගල පුදබිමේ ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *